සෝදමින් දුක් නුරා
පිරිපත
ප්‍රේමය ම
පිරිනමා මොහොතක
ගිහින් එන්නම්
කියා යන රළ
සමඟ යයි ලා වැලි
මඳක් දුර
දියක් නම් එය
දියකි චංචල
හැඩක්
දෙන්නට නැහෙන්නී ඇය
දිය ක රුව හඳුනාගන්න
නම්
චන්ඩ රළ තුළ
කිඳිය යුතුමය
හැපි හැපී රළ
ගොස දිදී විත්
නිසල වන්නේ
කෙලෙස ලැම මත
දර තිබෙන තුරු
ගිණි නැඟිය යුතු
නිවෙන
අසිරිය කුමන අරුමය
උස් පහත් වී
සන්සුන්ව යන
නිමල දිය කඳ විරාගික
වී
ඈත සිට ඇය බලා
ඉන්නී
කැළඹෙනා තුරු සරාගී
සිත
ගෙට ඇවිත් ප්‍රේමය
අරන් - නොගිහින්
රැඳුනොතින්
සිහිනය බිඳෙයි විගහින්
විරහිණී මඟ බලා
ඉන්නා - සිපගමින්
හමුවනා රන්
මොහොත කෝ වෙරළත මතින්
ප්‍රතිවිරෝධය
සුන්දරම කවියයි
විප්‍රයෝගය, අමරණීය
වූ ප්‍රේමයයි.
2011
© Subhadra Jayasundara