සමාව නම් වන දැරිය නොහැකි දඬුවම


















තාත්තට අසනීපයි. දරුවන් දාල යන්න විදියක් නෑ බලල එන්න.

මං බලා ගන්නම්. අප්ප නැති උනා යුද්දෙ අස්සෙම. අතෑරල එන්න උනාට පස්සෙම යන්න බැරි උනා. එයා මගෙ පුතාව කවදාවත් දැක්කෙ නෑ.


හෙණ ගහන්නැති අහසක්
මරණයක් නැති නිවසක්
අබ සොයා ගිය කිසා ගෝතමී වගේ
ඔසු පිණිස හද මසින් ඵල නැත මගේ

දෙන්න විණි නම් ජීවිතය අල්ලා
දෙන්න තිබුණේ අද නොවේ
ඉන්න වූයේ නුඹ ට නො රටක තනිවෙලා
යන්න කීයෙන් මගේ උන් නුඹ පන්නලා

දිඹුල් කරටිය හදවතේ ඇනුනොත්
දිඹුල් මලකට පෙම් ක‍ළේ කවුරුන්

ගිහින් එනු මැන විෂ්ණු දෙවි පිහිටෙන්
පුතුන් රැක දෙමි මා පුතුන් විලසින්

නුඹට අහිමි ඉපැදුණ දූපත මගෙ ද
තෑගි බැඳන් යන්නට නුඹගෙත් නොවෙ ද
මළ සිරුරු ළඟ පරපුර ම හඬවා
අරන් එන්න ද නුඹට මං මොනවා

සිහිනෙන් හරි ගොසින් වැඳලා පැමිනෙන්න
අප්පා කොහේ වැළලුනි නෑ දැනගන්න
දන්නේ නැතුව අප්පා වැළලුන සොහොන
දන්නා රටම නො රටකි මට නුඹ නො එන

වරද ඇනෙන විට හද මස ඉරාගෙන
දෙපයින් ඉන්න බෑ නුඹ ළඟ දරාගෙන
මිනිසුන් විසින් මිනිසුන් වැළලූ දෙරණ
මිනිසුන් හිඳී නම් නවතව් එන අකුණ

2011

© Subhadra Jayasundara